Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2022 21:03:15 Hours

පරෙවි දූපතේ කඩා වැටුණු පාලම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් තාවකාලික පාලමක් ඉදිකරයි

මාතර පරෙවි දූපතේ පිහිටි ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂිතාගාරය වෙත ප්‍රවිෂ්ට වීමට ස්ථාපිත කර තිබු එල්ලෙන පාලම පසුගියදා හදිසියේ කඩා වැටිමත් සමඟ පරෙවි දූපත වෙත ගමන් ගැනීම සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා වෘත්තීය නිපුණත්වය ප්‍රදර්ශනය කරමින් තාවකාලික පාලමක් කඩිනමින් ඉදිකරමින් පවතී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් මාතර නගරයත් පරෙවි දූපතත් යා කරන තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් ආරම්භ කරන ලදී. මෙමගින් විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත් බැතිමතුන්ට ගමනාගමනයට පහසුව සැලසෙනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් 14 වන රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය, 16 වන වැඩපල ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු බලකාය, 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකාය, 613 වන බලසේනාව සහ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු තවමත් සිදුකරමින් පවතී.

මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ප්‍රධාන ක්ක්‍ෂෙත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.

තාවකාලිකව ඉදිකරනු ලබන මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී කඩිනමින් අවසන් කිරීමට නියමිතව ඇත.