09th March 2022 21:02:15 Hours
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නීති කථිකාචාර්ය (විශ්‍රාමික) මෙන්ම කතෝලික නීතිඥ සංසදයේ කථිකාචාර්ය හා කතෝලික නීතීඥ සංසදයේ පියතුමන් වන ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ නව දේවගැති පියතුමන් ලෙස පත්වීමෙන් අනතුරුව බදාදා (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
යුද්ධ හමුදාවේ කිතුනු ආගමික කටයුතු සඳහා නව දේවගැති පියතුමන් ලෙස පත් කරන ලද ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.
“යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ කිතුනු ආගමික කටයුතු සඳහා නව දේවගැති පියතුමන් ලෙස ඔබ පත්වීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වන අතර, ආගමික ප්‍රජාවගේ දියුණුව සඳහා අප සියලු සහයෝගය ලබාදෙමින් ප්‍රතිඋපකාර කිරීමට කැමැත්තෙමු. අපගේ සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දේවස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තාක්‍ෂණික දැනුමින් පරිපුර්ණ අපගේ වෘත්තීය ඉංජිනේරුවන් ලබාදීමට යුද්ධ හමුදාව සැමවිටම සූදානම්ව සිටීයි. ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ සඳහා ලබාදිය හැකි තාක්‍ෂණික සහායට අමතරව වෛද්‍ය ප්‍රතිකාර කඳවුරු, ප්‍රජා මුලික ව්‍යාපෘතින් සහ සහන සේවා කටයුතු යනාදී දේවස්ථාන තුල සිදුකළ හැකි ප්‍රජා ව්‍යාපෘති සඳහා අපගේ උපරිම සහයෝගය ලබාදීමට අපි සැමවිටම කැමැත්තෙමු. එසේම, රටේ සියලුම ආගමික සිද්ධස්ථාන සංවර්ධනය සඳහා අපගේ ශ්‍රමබලකායේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදිය හැකිය. යුද්ධ හමුදාවට ඔබගේ නව පත්වීම නිසැකවම දිරිගැන්වීමක් වනු ඇත.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේය.
රට තුළ ආගමික මිත්‍රත්වය ගොඩනැගීමට සහ පුනර්ජීවනය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදෙනු ලබන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාවය පුද කල ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමන් අනාගත අධ්‍යාත්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදාව සමඟ සමීපව කටයුතු කරන බවට පැවසීය.
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැති පියතුමන්ගේ නව භූමිකාව සහ ප්‍රවේශය කෘතවේදීව පිළිගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය උණුසුම් සුබපැතුම් පිරිනමමින් යුද්ධ හමුදාවේ අධ්‍යාත්මික කටයුතු සඳහා එතුමන්ගේ කාර්යභාරයට සියලු සහයෝගය ලබාදෙන බවට පැවසීය.
මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නව පත්වීම සංකේතවත් කරමින් ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.
ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමාට පෙර යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැති පියතුමන් ලෙස බැප්ටිස්ට් සංගමයේ ගරු හේෂාන් ද සිල්වා පියතුමන් කටයුතු කළේය. යුද්ධ හමුදා ක්‍රිස්තියානි කටයුතු සම්බන්ධීකරණය කරන ලද ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමන් හමුදා සාමාජිකයින් සඳහා කිතුනු ආගමික වතාවත් පැවැත්වීමට සිය සහයෝගය ලබාදී ඇත.