01st March 2022 08:22:51 Hours
මහා ශිවරාත්‍රී දිනයේදී සියලු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සුබපැතුම් එක්කරයි.
“මහා ශිවරාත්‍රී දිනය ලොව පුරා සිටින හින්දු බැතිමතුන්ට සුවිශේෂි දිනයක් වන අතර ශිව දෙවියන්ගේ ආශිර්වාදය සැමවිටම ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයින් වෙත ලැබෙනු ඇත. අපගේ සියලුම ශ්‍රී ලාංකීය දමිළ සහෘදයින්, විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන්, සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සෙසුනිලයන්ට තම ජීවිතයේ අරමුණු සාක්‍ෂාත් කරගැනීමට මෙම උතුම් දිනයේදී ශිව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුබ මහා ශිවරාත්‍රි දිනයක් වේවා!”