25th February 2022 20:47:16 Hours
මොරවැව, ගල්කන්ද කොටියාරාම පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මූතූර්, පච්චනූර්, ගල්කන්ද කොටියාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බලල්ලේ රතනසාර හිමිපාණන්ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (25) දින එම විහාරස්ථානය වෙත පැමිණියේය.
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන හා විහාර සංවර්ධන සමිතිය සමඟ සම්බන්ධිකරණයෙන් මෙම චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ද දායකත්වය ලබාදෙනු ලබයි.
චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන්, විහාරාධිපති හිමිපාණන්ගේ ආරාධනයකට අනුව ඉදිකරමින් පවතින චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ සඳහා මුල්ගලක් ද තැබුවේය. ඉන් පසුව ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුබසාධන කටයුතු මෙන්ම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද විමසා සිටියේය. ඉන් අනතුරුව විහාරස්ථානය අවට පරිසරය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් පසුව විහාරාධිපති හිමිපාණන් සමඟ සාකච්ඡා කළහ.
යුද්ධ හමුදාධිපතිතුමන් විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණිම පැසසුමට ලක් කල විහාරාධිපති පූජ්‍ය බලල්ලේ රතනසාර හිමිපාණන් විසින් බුද්ධ ප්‍රතිමාවක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වූහ.
මෙම අවස්ථාවට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් ද වැඩම කර සිටි අතර ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ, සමස්ත ආරක්‍ෂක සම්බන්ධිකාරක මේජර් ජෙනරල් ලාල් විජේතුංග සහ 223 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවින්ද්‍ර ජයසිංහ ද එක්වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර ප්‍රදේශයේ සිදුකල සංචාරය අතරතුර සේරුවිල මංගලාරාම රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධ හිමිපාණන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්හ.