Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2022 16:30:59 Hours

ශ්‍රී ලංකාවේ නව පාකිස්තානු මහ කොමසාරිස්තුමන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

ශ්‍රී ලංකාවේ පාකිස්තානු ඉස්ලාමීය ජනරජ මහ කොමසාරිස් කාර්යාලයේ අභිනවයෙන් පත්වූ මහ කොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි හිලාල්-ඉ-ඉමිටියාස් (Umar Farooq Burki, Hilal-i-Imtiaz) ඉකුත් සිකුරාදා (18) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

නව කොමසාරිස්තුමන් මෙම සුහද හමුව අතරතුරදී, දෙරට අතර වසර ගණනාවක් තිස්සේ පවත්නා මිත්‍රශීලී සබඳතා මෙන්ම දෙරට සන්නද්ධ හමුදාවන් අතර පවත්නා පුහුණු වැඩසටහන් පිළිබඳ සිහිපත් කළේය.

නව පත්වීම වෙනුවෙන් කොමසාරිස්තුමන්ට සිය සුභපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ රාජකාරි කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන බවට ද මෙම සුහද හමුව අතරතුරදී පැවසීය. සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම සුහද හමුවට ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් (Colonel Muhammad Safdar) ද එක්විය.