17th February 2022 19:22:05 Hours
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අඛණ්ඩව 43 වන වරටත් පවත්වනු ලැබු නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර බදාදා (16) දිනට යෙදුණු නවම්පුර පසලොස්වක පොහෝ දින පැවැත්විණි. පෙරහැර මංගල්‍යයේ සධාතුක දළඳා කරඩුව හස්තිරාජයා මත තැන්පත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
පෙරහැර මංගල්‍ය ආරම්භ කිරීමට ප්‍රථම පැවැති ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය චාරිත්‍රනුකූලව හස්තිරාජයා මත සධාතුක ධාතු කරඩුව තැන්පත් කර ආශිර්වාද ලබාගත්හ.
එම අවස්ථාවේදී, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය සධාතුක ධාතු කරඬුව වෙත මල් පූජාකර ආශිර්වාද ලබාගත්හ.
එම අවස්ථාවට පර්ලිමේන්තුවේ කථානායක, අමාත්‍යවරුන්, නාවික හමුදාධිපති සහ ඔවුන්ගේ භාර්යාවන් මෙන්ම තවත් ආරාධිතයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විසින් සිදුකරන ලදී.