07th February 2022 16:48:01 Hours
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ඉකුත් සදුදා (07) දින සිය පවුලේ සාමාජිකයින් සමගින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ විවිධ තනතුරු හොබවමින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සිදුකළ කාර්යභාරය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී පැසසුමට ලක්කළේය.
කීර්තිමත් යුද්ධ හමුදා සේවයට සමුදී නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය. තවද මෙම සුහද හමුවට එක්වූ මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ගේ දරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලුවේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුභපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය. මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ගේ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.