07th February 2022 18:48:01 Hours
74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් තවත් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දසදෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇත. ඉන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු වෙත ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් සදුදා (07) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.
ඒ අනුව, පකිස්තානයේ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 4 හැදැරීමෙන් අනතුරුව දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව හඳාරන ලද 542 වන බලසේනාවේ බලසේනාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් ෂෙහාන් ප්‍රනාන්දු, ආරක්‍ෂක ලේකම්ගේ යුද සේවා සහයක යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් වීජයන්ත ජයවීර, 221 වන බලසේනාවේ බලසේනාධිපති ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නලින් මැදිවක, යුද සේවා සහකාර ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් නාලක මල්සිංහ, 142 වන බලසේනාවේ බලසේනාධිපති ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් අනිල් සෝමවීර, 522 වන බලසේනාවේ බලසේනාධිපති ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් සමන්ත හෙට්ටිගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙලෙස බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබීය.
ඉන් අනතුරුව, එවකට මෙම උසස්වීම් ලද නිලධාරීන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව හදාරණ කාලසීමාවේදී ඔවුන්ගේ පාඨමාලා භාර නිලධාරි වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද නිලධාරින් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන්ගේ වෘත්තීය දිවියේ අනාගත කටයුතු වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනමන ලදී. එහිදි එම නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නව නිලයට උචිත අයුරින් යුද්ධ හමුදාවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා රාජකාරී ඉටුකරන ලෙස සඳහන් කළේය.
තවද මෙම අවස්ථාව සඳහා නොවැළැක්විය හැකි හේතුවක් මත බ්‍රිගේඩියර් අනිල් සෝමවීර ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සහභාගි වීමට නොහැකි විය.
එම අවස්ථාවේදී නව බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ තමන් ජ්‍යෙෂ්ඨ පාඨමාලා භාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ කාලවකවානුව තුළ කෙඩෙට් නිලධාරීන් සඳහා පුහුණු කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව ද මතකය ආවර්ජනය කළේය.
නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් නාලක මල්සිංහ පසුගිය වසර දෙකක කාලය තුළ සිට යුද සේවා සහකාර ලෙස සේවය කරමින් සිටින අතර, එතුමන් පකිස්තානයේ හමුදා විද්‍යාපීඨයේ 4 වන කණ්ඩායමේ දක්‍ෂ කෙඩෙට් නිලධාරියෙක් ද විය.