05th February 2022 08:57:03 Hours
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරවන (General Manoj Mukund Naravane) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඇතුළු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය සුබපැතුම් එක් කරන ලදී.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය යුද්ධ හමුදා භටපිරිස්හී සමූහ ඡායාරූපයක් ද එක්කරමින් එම පණිවිඩය විවිධ විදේශීය කණ්ඩායම් වෙත යොමුකරනු ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවයන් තවදුරටත් වැඩිදියුණු කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරවන මීට මාස කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.