Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2022 22:39:09 Hours

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සේවයේ නියුතු සෙසුනිලයන්ගේ ආහාරවල ගුණාත්මකභාවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

ලෙබනනයේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලියට සහභාගී වීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉරිදා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ හදිසි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා සොල්දාදුවන් වෙත උසස් තත්ත්වයේ සහ පෝෂ්‍යදායි ආහාර ලබාදීම සහතික කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සංචාරයක නිරත වෙමින් එම ඒකකයේ සූපවේදීන් සමඟ එක්ව සෙසුනිල භෝජනාගාරය නිරීක්‍ෂණය කරන ලදී. එහිදී, ආහාර වර්ග පිළියෙල කිරීම, එම ව්‍යාංජනවල ගුණාත්මකභාවය, ප්‍රමිතිය සහ රස වැනි කරුණු පිළිබඳව ද එතුමන්ගේ අවධානය යොමුවිය.

ජාතියේ යහපත වෙනුවෙන් පැය විසිහතර පුරා සේවයේ යෙදී සිටින සියලුම යුද්ධ හමුදා සොල්දාදුවන්ට හොඳම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් භාවිතා කර පිළියෙල කරන ලද ගුණාත්මක ආහාර වේලක් ලබාදිය යුතු බවට යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇත.

ඉන් අනතුරුව, එතුමන් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවයේ නියුතු සූපවේදීන් සමඟ එක්ව එම ඒකකයේ භටපිරිස් වෙත ලබාදීමට පිළියෙල කරන ලද ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර භෝජනාගාරය සතු පහසුකම් පිළිබඳව ද සොයාබැලුවේය.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.