28th January 2022 19:46:34 Hours
කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරින් සමඟ එහි කාර්යභාරයන් සමාලෝචනය කිරීමේ තවත් සම්බන්ධීකරණ සැසියක් ඉකුත් අඟහරුවාදා (25) දින හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආචාර්ය එස්.එච්.එස්. අජන්ත ද සිල්වා මහතා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.එම්.එල් අබේරත්න මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ චන්දන ලොකුහේවගේ මහතා, යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණය පිළිබඳ ප්‍රධාන අධීක්‍ෂණ නිලධාරි හා භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති මේජර් විජිත වැලිකල (විශ්‍රාමික) සහ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ප්‍රවීණයන් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් සහභාගි වූහ.
ජෛව සහ කාබනික පොහොර සැපයුම්කරුවන් විසින් යෝජනා කල පරිදි දිස්ත්‍රික් මට්ටමින් මේ සඳහා විසදුම් සෙවීමේ ක්‍රියාවලිය මෙම සාකච්ඡාවේදී විශ්ලේෂණාත්මකව සමාලෝචනය කළ අතර ඉදිරි යල කන්නය ඉලක්ක කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ටෙන්ඩර් ප්‍රදානය කිරීම දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් එහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කරන ලදී.
“අප මුලින් මුහුණදුන් ප්‍රධාන පසුබෑමකට ලක්වු ගැටළු දැන් විසදා ඇත. පොහොර යෙදීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම සහ ජෛව හා කාබනික පොහොර සැපයුම්කරුවන් හඳුනාගැනීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය එස්.එච්.එස්. අජන්තා ද සිල්වා මහතාට ස්තූතිය පුද කල යුතුයි. මක්නිසාද යත්, සෑම දිස්ත්‍රික්කයකම කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා යුද්ධ හමුදාවේ අවශ්‍ය සම්බන්ධීකරණ වැඩපිළිවෙල විධිමත් කර සකස් කර ඇත.” යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසූවේය.
“හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති සම්බන්ධිකරණ සාකච්ඡාවේදී කථිකා කරගත් පරිදි ඉදිරි යල කන්නය සඳහා සාර්ථකව මුහුණදීමට නම්, දිස්ත්‍රික් මට්ටමේ කෘෂිකාර්මික හා ගොවිජන නිලධාරීන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු පිළිබඳ සියලුම පාර්ශවකරුවන් යල කන්නය සඳහා කාබනික පොහොර භාවිතය, කෘෂිකාර්මික මාර්ගෝපදේශ සහ අනෙකුත් ප්‍රායෝගික ගැටළු පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එමගින් 2022 යල කන්නය සහ ඉන් ඉදිරියට ඔවුන්ගේ දායකත්වයක් අපේක්ෂා කළ හැකිය. දිස්ත්‍රික් මට්ටමේ කෘෂිකර්මික අධ්‍යක්‍ෂවරුන්ට සහ අදාළ බලධාරින්ට මේ පිළිබඳ කෘෂිකාර්මික කටයුතුවල නියලි සිටින පහල මට්ටමේ පාර්ශවකරුවන් දැනුවත් කළ හැකිය” යැයි හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මෙහිදි වැඩිදුරටත් පැවසීය.
“කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය සහ අවශ්‍ය ප්‍රමිතීන් පිළිබඳ අදාල පාර්ශවයන් දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදාවේ ප්‍රවීණයන්ගේ සහයෝගය අතිගරු ජනාධිපතිතුමන් අපේක්ෂා කරයි. අප දැන් සිටින්නේ කොතැනද යන්න තහවුරු කරගැනීම සඳහා මහ කන්නයේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීම අරමුණු කරගනිමින් ක්ෂේත්‍ර සමීක්‍ෂණයක් මේ වනවිට සිදුකරමින් පවතී. සමහර මාධ්‍ය විසින් එම කාර්යය කළ නොහැක්කක් ලෙස ප්‍රක්ෂේපණය කරන බැවින් ඒ පිළිබඳ තක්සේරු කිරීම අත්‍යාවශ්‍ය වේ. එවැනි මුලපිරීම් හරහා යල කන්නය සඳහා අපගේ සම්බන්ධීකරණය උපකාරි වන යථාර්ථයන් පිළිබඳ පුළුල් සහ පැහැදිලි අවබෝධයක් අපට ලබාගත හැකිය.” යැයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වාදුන්නේය.
යල කන්නයේ ආරම්භයට පෙර අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පවතින වාරිමාර්ග පද්ධති, විවිධ කලාපවල පාංශු තත්ත්වයන්, වගාවන් සඳහා අවශ්‍යතා සහ ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. කෘෂිකර්මාන්තයේ නියැලී සිටින සියලුම පාර්ශවයන් කැපවීමෙන් ඒ සඳහා සකස් කර ඇති ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ හැකි බව එහිදි සහභාගි වූවන් දැනුවත් කළහ.
ජෛව සහ කාබනික පොහොර සැපයුම්කරුවන් විසින් දිස්ත්‍රික් මට්ටමින් පොහොර ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරනු ලබන විසඳුම් කිහිපයක් පිළිබඳව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් චන්දන අරංගල්ල මෙම සාකච්ඡාවට සහභාගි වුවන්ට දැනුම් දුන්නේය.