Header

Sri Lanka Army

Defender of the Nation

23rd January 2022 07:07:05 Hours

සන්නද්ධ බුද්ධි බලකායේ 29 වන සංවත්සරයට සමගාමීව සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ මූලකත්වයෙන් තවත් සැමරුම් උත්සවයක්

සන්නද්ධ බුද්ධි බලකායේ 29 වන සංවත්සර සැමරුම් උත්සවය සහ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරනු වස් පැවති අනුස්මරණ උත්සවයට සමගාමීව සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසල තුළ ගුණානුස්මරණ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (21) දින පවත්වන ලදී.

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මනෝරි සලේ මැතිණියගේ ආරාධනයකට අනුව එම සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය සහභාගී විය.

එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණි විසින් මල් කළඹක් දී උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැටුව යනු ලැබීය.

පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ ඉතිහාසය සහ මෙතෙක් නිම කර ඇති ව්‍යාපෘති පිළිබඳ විඩියෝ පටයක් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද සිහිවටන, තෙල් වර්ග සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන නැරඹීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදී.

එහිදි, සුජීවා නෙල්සන් මැතිණිය සහ සලේ මැතිණිය එම නිෂ්පාදන නිරීක්‍ෂණය කරමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව සේවා වනිතා සාමාජිකයින් ඇගයීමට ලක් කරන ලදී.

ඉන් අනතුරුව එම සංචාරය සිහිවනු වස් සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමග සමූහ ඡායාරූපයකට පෙනීසිටීමට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය වෙත ආරාධනා කරන ලදී.