31st December 2021 21:58:38 Hours
ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩි. උදය ප්‍රියන්ත ද සිල්වා අනුස්මරණ මිතුරු සංසදයේ’ සාමාජිකයින්ගේ අනුග්‍රාහය ඇතිව යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ තක්‍ෂණික දැනුම යොදාගනිමින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකල නව නිවස සිකුරාදා (31) දින ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රනුකූලව විවෘත කරන ලදී.
දිවිපිදු ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩි. උදය ප්‍රියන්ත සිල්වා අනුස්මරණය කරමින් මිතුරු සංසදය විසින් ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. ජගත් නිශාන්ත මහතා ඇතුළු දරුවන් පස්දෙනෙකුගේ යුත් පවුලේ සාමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නව නිවසට තවත් වැදගත්කමක් එක් කරමින් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සූම් තාක්‍ෂණය ඔස්සේ (zoom technology) විවෘත කෙරිණි.
නව නිවස විවෘත කිරීම අතරතුරදී, නිවාසලාභියාට සුබපැතුම් එක් කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ෂ 1997 මැයි මස 16 දින ‘ජය සිකුරු’ මෙහෙයුම අතරතුර නැදුන්කේනි ප්‍රදේශයේදී දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩි. උදය ප්‍රියන්ත ද සිල්වා මාතෘභූමියේ ස්වෛරීත්වය ආරක්‍ෂා කිරීම උදෙසා සිය ජිවිතය පූජා කිරීමට ප්‍රථම එවකට එම ඒකකයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ දිවා ආහාරය ගත් බව ද එහිදි සිහිපත් කළේය.
පියල් ලමාහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩි. උදය ප්‍රියන්ත ද සිල්වා අනුස්මරණ මිතුරු සංසදයේ’ මුල්‍යමය අනුග්‍රහයකත්වය මත යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් උපදෙස් පරිදි රුපියල් මිලියන 7 ක පමණ වටිනාකමින් යුත් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරන ලදී. මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාගත් පියල් ලමාහේවා මහතා විසින් නව නිවස විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කෙරිණි.
ඒ අනුව, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මෙම නිවස විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගි විය.
‘ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩි. උදය ප්‍රියන්ත ද සිල්වා අනුස්මරණ මිතුරු සංසදයේ’ ප්‍රධානි පියල් ලමාහේවා මහතා ලබාදුන් මුල්‍යමය අනුග්‍රාහකත්වය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කිරීම සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 14 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් එක්ව අම්බලන්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු නිවාසලාභි පවුල වෙනුවෙන් මෙම නිවස ඉදිකරදෙන ලදී.
හිසට සෙවණක් නොමැතිව ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ දිවිගෙවු කේ.ඒ. ජගත් නිශාන්ත මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් පිළිබඳ අවධානයට ලක්වීමෙන් අනතුරුව අවම පිරිවැයකින් නව නිවසක් ඉදිකරදීම සඳහා අනුග්‍රාහකභවතුන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය මේ සඳහා ලබාදුන්හ.
මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස එක්වු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ අනුග්‍රාහකභවතුන් නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව පුරාණ සම්ප්‍රදායන්ට අනුකූලව පොල්තෙල් පහන දල්වා කිරි ඉතිරවීමේ අවස්ථාවට එක්වූහ.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්වූහ.