Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2021 08:00:07 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ 59 වන සේනාංක මුලස්ථානයේදී සාකච්ඡාවක්

හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2021 දෙසැම්බර් මස 20 දින මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 59 වන පාබල සේනාංක මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී, 59 වන සේනාංක බලප්‍රදේශයේ කාබනික පොහොර භාවිතය ක්‍රියාත්මක කිරීමට අදාළ නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම, ඒ සඳහා ඇති ගැටළු හඳුනාගැනීම සහ තවත් ප්‍රායෝගික කරුණු වෙනුවෙන් උපායමාර්ගයන් සකස් කිරීම වැනි කරුණු සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාවට මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම්, මහවැලි අධිකාරියේ - එල් කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකරු, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර පළාත් කොමසාරිස්, මුලතිව් දිස්ත්‍රික්කයේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ සහ සීමාසහිත සිලෝන් පොහොර සමාගමේ ප්‍රාදේශීය අලෙවි කළමනාකරු සමඟින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාවට 591 සහ 592 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්, 59, 64 සහ 68 වන සේනාංක නියෝජනය කරමින් නිලධාරින් මෙන්ම ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනාවන්හී සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් ද සහභාගී වූහ.