28th December 2021 08:15:07 Hours
නත්තල් දිනයට සමගාමීව සුගන්ධිපුරම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල සිසු දරු දැරියන්ට පාසල් උපකරණ බෙදාදීම් වැඩසටහනක් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ සම්බන්ධිකරණයෙන් ඉකුත් සෙනසුරාදා (25) දින පැවැත්විණි.
පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවිමේ අරමුණින් මෙම පරිත්‍යාග වැඩසටහන 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
මෙලෙස පාසල් දරුදැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය පරිත්‍යාගශීලි ඩබ්ලිව්.එම්.සී.යු. පත්බේරිය මහතා විසින් ලබාදුන් අතර එම උත්සවයට 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.ආර්.එන්. හෙට්ටිආරච්චි, 9 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.සී.ඩි.ඩි. කුමාර සහ 6 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.ආර්. හෙන්නිනායක සහභාගි වුහ.
තවද, මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයින් 25 දෙනෙකු සිය සහයෝගය ලබාදුන්හ.
පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන පැවැත්විණි.