Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 12:00:28 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය 27 වන ආඥාපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා දෙසැම්බර් මස 21 සහ 22 දෙදින පුරා යාපනය අර්ධද්වීපයේ පිහිටි 51 සහ 52 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.

51 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු එම සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතූවේය.

පසුව, අණදෙන නිලධාරින් සහ සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් සිය කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් නව ආඥාපතිතුමන් දැනුවත් කළහ.

පසුගිය බදාදා (22) දින 52 වන සේනාංක මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකල නව ආඥාපතිතුමන් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන විසින් පිළිගත්තේය.

ඉන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය නව ආඥාපතිතුමන් වෙත පිරිනැමුවේය. අනතුරුව, සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සිදුකරමින් නව අඥාපතිතුමන් දැනුවත් කළේය.

51 සහ 52 වන සේනාංකවල භටපිරිස් ඇමතූ නව ආඥාපතිතුමන් “යුද්ධ හමුදා සාමාජිකයින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 – 2025’ ට සමගාමීව සිය රාජකාරින්හී නිරත වියයුතු බවත්, අපේක්‍ෂාවන් සාර්ථක කරගැනීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කල යුතු බවත්” පැවසුවේය.

තවද, අඛණ්ඩ පුහුණුව, උසස් මට්ටමින් යුත් විනය, වගකීමෙන් යුක්තව ක්‍රියාකිරීම සහ වගවීමේ අවශ්‍යතාවය පිළිබඳව භටපිරිස් දැනුවත් කළ නව ආඥාපතිතුමන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය කාර්යභාරයන් සාර්ථක කරගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය ලබාදෙන ලෙස භටපිරිස් දැනුවත් කළේය.

මෙම සංචාරය අතරතුරදී, නව ආඥාපතිතුමන් යාපනය අර්ධද්වීපයේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කරමින් එම ස්ථානවල ආරක්‍ෂාව සහ අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ එහි රාජකාරි නියුතු භටපිරිස් සමඟ සාකච්ඡා කළේය.

තවද, නව ආඥාපතිතුමන් 52 වන සේනාංක මුලස්ථානයේ සිදුකල සංචාරයට සමගාමීව 7 වන ගජබා රෙජිමේන්තවේ භටපිරිස් විසින් සංවිධානය කර තිබු යාපනය ආර්ධද්වීපයේ ගර්භනී කාන්තාවන් 31 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සඳහා ද මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහභාගී වූවේය.

එම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.