Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 17:40:31 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත වාකරේ ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙති

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ සම්බන්ධීකරණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථානගත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දානපතියන් විසින් දැක්වූ අනුග්‍රාහකත්වය මත එම බලසේනාව වෙතින් වාකරේ ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව සිදුකරනු ලබන මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියට සමගාමීව මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසේකර සිය ප්‍රථම නිල සංචාරය පසුගිය අඟහරුවාදා (21) දින 233 වන බලසේනාවේ සිදුකළ අතර එහිදී මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී මෙම පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

233 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු එම බලසේනාවේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් පාසල් බලධාරීන්ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ද එක්විය.

මෙම වැඩසටහන යටතේ වාකරේ මහා විද්‍යාලය, උරියන්කට්ටු රජයේ දමිළ මිශ්‍ර පාසල, තඩ්ඩුමුනායි විනයාගර් විද්‍යාලය, කන්ඩලාඩි අරුන්දතී විද්‍යාලය සහ පනිච්චන්කර්නි තිරුමාගල් විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත මෙම වැඩසටහන යටතේ පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.