Header

Sri Lanka Army

Defender of the Nation

25th December 2021 09:14:03 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර කූරගල විහාරස්ථානයේ සංචාරයක

පසුගිය දා නව ධූරයේ රාජකාරි භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් සඳුදා (20) දින ඉදිකරමින් පවතින කූරගල විහාරස්ථානයේ සංචාරයක නිරත විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම පුණ්‍යභූමියේ ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදෙති.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ කූරගල විහාරස්ථානයේ විහාරාධිපති සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධර්මරත්න හිමිපාණන් සමඟින් සුහද පිළිසඳරක නිරත වෙමින් එම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය මෙන්ම තවදුරටත් සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි. ඉන් අනතුරුව, සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත එම හිමිපාණන් විසින් ආශිර්වාද කළේය.