Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 12:13:15 Hours

නව ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කොහුවල පිහිටි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර පසුගිය දා රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මීට ප්‍රථම එතුමන් 112 වන බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ. මීට ප්‍රථම එම ධූරය හෙබවු බ්‍රිගේඩියර් ජනක විමලරත්න ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර නව ධුරයේ රාජකාරි භාරගත්තේය.