24th December 2021 18:26:20 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය අඟහරුවාදා (21) දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.
එහිදී, ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්න වීරසූරිය සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කුමාර වණසිංහ, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් ඒකකයන්හී අණදෙන නිලධාරින් ද එක්ව සිටියහ.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්න වීරසූරිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.
ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව රෙජිමේන්තු අධිපතිතුමන් එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතුවේය. පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් එක්විය.