Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 12:19:31 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

අම්පාර සටන් පුහුණු පාසලේ 43 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න පසුගිය සිකුරාදා (24) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය. ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න නව ධූරයේ රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදී. පසුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මීට ප්‍රථම එම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් කල්ප සංජීව 11 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න නව ධූරය රාජකාරි භාරගත්තේය.

මෙම අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් දිලන්ත ජයවර්ධන ඇතුළු එම පුහුණු පාසලේ නිලධාරින් සහ සෙසුනිලයන් ද එක්වූහ.