25th December 2021 08:58:33 Hours
652 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ගේ සම්බන්ධීකරණය මත එරංග ජයකොඩි මහතා සහ මුන්සා මුෂ්තාක් මහත්මිය විසින් ලබාදුන් අනුග්‍රහකත්වය මත අක්කරායන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 652 වන බලසේනාව වෙතින් පසුගිය සඳුදා (20) දින විනයාගපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 53 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ උපදෙස් මත 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
එම අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් වෙත පාසල් බෑග්, සපත්තු සහ මේස්, වතුර බෝතල්, කෑම පෙට්ටි, පොත් සහ පෑන් ආදියෙන් සමන්විත පාසල් උපකරණ කට්ටල බෙදාදුන්හ. මෙලෙස බෙදාදුන් එක් පාසල් උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් 4,500.00 ක් පමණ වූ අතර ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහක භවතුන් රුපියල් 238,500.00 ක පිරිවැයක් දැරූහ.
සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතිවල තවත් එක් අදියරක් ලෙස එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.