27th December 2021 11:38:16 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ මුලිකත්වයෙන් දිවුලපිටිය හල්පේ ඒකනායක විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් බෑග් සහ පොත්පත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගිය සඳුදා (20) දින පරිත්‍යාග කරන ලදී. 141 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිගේ සම්බන්ධීකරණය මත දියත් කල මෙම වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සෙවනක් වෙමු’ පදනමේ අනුග්‍රාහකත්වය හිමිවිණි.
141 වන බලසේනා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා උපකාර කිරීමේ සහ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් හා 141 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව මෙවැනි ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
රුපියල් 1,56,000.00 ක පමණ වටිනාකමින් යුතු පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයට 141 වන බලසේනාවේ බලසේනාධිපති සහභාගී වූවේය.