Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 13:54:57 Hours

121 වන බලසේනාවේ මුලිකත්වයෙන් මොණරාගල ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන්ට පාසල් උපකරණ

නව අවුරුදු උදාවට සමගාමීව 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ භටපිරිස් මොණරාගල ප්‍රදේශයේ පිහිටි වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් 107 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී. මේ සඳහා නීතීඥ රසික දිසානායක මහතා ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය හිමිවිය.

මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (18) දින වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම වැඩසටහන 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවිණි.

එම උත්සවය අතරතුරදී, පාසල් සිසු සිසුවියන් වෙත පාසල් පාවහන් යුගල්, පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි, අභ්‍යාස පොත්, A-4 කොළ, අනෙකුත් ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමන්, දෙමවුපියන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ද එක්ව සිටියහ.