Header

Sri Lanka Army

Defender of the Nation

25th December 2021 11:10:11 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පාසල් සිසුන් 12 දෙනෙකුට පාසල් උපකරණ

කොළඹ ප්‍රදේශයේ පදිංචි චාමර ප්‍රියශාන්ත මහතාගේ අනුග්‍රාහකත්වය මත වවුනියාව දිස්ත්‍රික්කයේ පලයාරුව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 12 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (20) දින ක්‍රියාත්මක කරන ලදී.

එම අවස්ථාව සඳහා අවරන්තුලාව ශ්‍රී චේතියගිරි ඓතිහාසික විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මෙහෙයුම් හා පුහුණු භාර නිලධාරි, පලයාරුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ උපදෙස් මත දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සංවිධාන කටයුතු 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ජී.ජේ.එන් ආරියතිලක සමඟින් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි එක්ව සිදුකළහ.