Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 09:21:13 Hours

61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය අඟහරුවාදා (21) දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.

එම සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරල් සවර්ණ බෝතොට නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට 61 වන සේනාංකයේ සියලු නිලයන්ගේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය.

මෙම අවස්ථාව සඳහා 611, 612 සහ 613 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක ධූරය ද හොබවයි.