26th December 2021 09:29:10 Hours
ගම්පහ දිස්ත්‍රික්කයේ වෛද්‍ය වර්ගකිරීම් මත යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වු සහ පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඒකාබද්ධ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුවට පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය හා නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද ක්‍රියාකාරීව දායකවූහ.
පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න, නියෝජ්‍ය පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අජිත් සේනාධීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම වැඩමුළුව පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.