Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 13:17:31 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ක්ෂේත්‍ර සංචාරයක

පසුගිය දා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ඉකුත් අඟහරුවාදා (21) දින වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනා මූලස්ථානයේ සහ නාවල්ලාඩි ප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකායේ සංචාරයක නිරත වූවේය.

කදිරවේලි ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තුවේ ‘ඒ’ කණ්ඩායම වෙත ප්‍රථමයෙන් සංචාරය කළ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි එහි පරිපාලන කටයුතු මෙන්ම සුභසාධන පහසුකම් පිළිබඳව ද සොයාබැලුවේය.

233 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ප්‍රධාන දොරටුව අභියස දී drive pass ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ විසින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, බලසේනා මූලස්ථානයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර 233 වන බලසේනාවේ සේවයේ නියුතු භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා සහ අනෙකුත් සුභසාධන කටයුතු පිළිබඳවද සොයා බැලීය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම බලසේනා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ඉන් අනතුරුව, එතුමන් නාවල්ලඩි ප්‍රදේශයේ පිහිටි 6 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වූවේය. එහිදී, මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි නිලධාරින් සහ සෙසුනිලයන් හමු වී එම ඒකකයේ පරිපාලන කටයුතු, මෙහෙයුම් අවශ්‍යතා, සුභසාධන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳ සොයාබැලුවේය.