Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 18:36:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි අන්තර් සේනාංක පැසිපන්දු ශූරතාවලිය - 2021 සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි අන්තර් සේනාංක පැසිපන්දු ශූරතාවලිය - 2021 අවසන් මහා තරඟ එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පැසිපන්දු පිටියේදී දෙසැම්බර් මස 14,15 සහ 17 යන දිනවලදී පැවැත්විණි. තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූවේය.

මෙම තරඟාවලිය 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. තරඟාවලියේ ශූරතාවය 54 වන සේනාංකයේ ක්‍රීඩකයන් විසින් දිනාගත් අතර අනුශූරතාවය 21 වන සේනාංකය විසින් හිමිකරගත්හ. තරඟාවලියේ දක්‍ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය රෝහක සෙබල එච්.ඒ.එස්. දිල්ෂාන් විසින් හිමිකරගත් අතර දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සැරයන් ඒ.එම්.පී.කේ. අත්තනායක විසින් හිමිකරගත්තේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති අවසන් මහා තරඟයෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව ජයග්‍රාහකයින් වෙත සම්මාන, කුසලාන හා සහතිකපත් ප්‍රදානය කළහ.