Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 05:20:22 Hours

53 වන සේනාංක මූලස්ථානයේ රතු සඳුන් පැළ රෝපණය කෙරේ

අතිරේඛ ප්‍රහාරක බලකායට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් 53 වන සේනාංකය මේ වනවිට කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පිහිටි 1 වන බලකාය යටතේ හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර පරිසර සංරක්‍ෂණයට ඉහළම සැලකිල්ලක් දක්වමින් එම මුලස්ථාන පරිශ්‍රයේ රතු සඳුන් පැළ රෝපණය කරන ලදී.

දේශිය වෛද්‍ය ක්‍රමවේදයන්ට සහ රූපලාවන්‍ය කර්මාන්තය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින රතු සඳුන් නීතිවිරෝධි ලෙස වෙළඳාම් කිරීම සහ අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුවෙන් එම ශාඛය මේ වනවිට වඳවීමේ තර්ජනයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෙම ශාඛය International Union for Conservation of Nature ජාත්‍යන්තර සංගමය වෙතින් රතු ලැයිස්තුවට ද ඇතුලත් කර ඇත.

53 වන සේනාංකයේ 21 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටු කළ මේජර් ජෙනරල් මෛත්‍රී ඩයස් (විශ්‍රාමික) ගේ මූලිකත්වයෙන් 2015 ඔක්තෝබර් මස 29 දින මෙම දුර්ලභ ශාක පැළ 500 ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලදී. එවකට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයේ රාජකාරි කළ එන්.කේ.ජී.කේ. නම්මවත්ත මහතාගේ සහයෝගය මත මෙරටට ගෙනා එම පැළ තොගය 53 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ රෝපණය කරන ලදී.

මේ වනවිට, අඩි 16 කට වැඩි උසකට වර්ධනය වී ඇති රතු සඳුන් පැළ වල ජාතික වටිනාකම පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම පැළ රැකබලාගැනීම සේනාංකයේ අත්‍යවශ්‍ය කර්තව්‍යයක් ලෙස සලකමින් එම පැළ පෝෂණය කිරීමට සහ ආරක්‍ෂා කිරීමට 53 වන සේනාංකයේ වත්මන් සේනාංකාධිපතිතුමන් ඇතුළු භටපිරිස් කටයුතු කරනු ලබයි. ඒ සඳහා කැපවී කටයුතු කරන 53 වන සේනාංකයේ භටපිරිස් මෙම සඳුන් පැළ දිනපතා අධීක්‍ෂණය කිරීම, නඩත්තු කිරීම සහ ආරක්‍ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.

මෙම සේනාංකයේ වගාකර ඇති රතු සඳුන් පැළ ප්‍රමාණය රටේ එක් නිශ්චිත ස්ථානයක වගාකර ඇති වැඩිම රතු සඳුන් පැළ සංඛ්‍යාව වේ.