24th December 2021 12:00:34 Hours
කිලිනොච්චි පිහිටි 1 වන බලකායේ මුලිකත්වයෙන් කිලිනොච්චි, වලයිපාඩු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කරන ලදී. 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි කොමර්ෂල් බැංකුව විසින් මේ සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්හ.
රුපියල් මිලියනයක පමණ පිරිවැයකින් ඉදිකරන ලද මෙම පරිගණක විද්‍යාගාරය ඉකුත් සඳුදා (20) දින පැවැති උත්සවයකදී සිසු අයිතියට පත් කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙනුවෙන් එම බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් සහභාගි විය.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ජිත් හැන්නදිගේ සම්බන්ධ වූහ.
එහි ඉදිකිරීම් කටයුතු සඳහා 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් සක්‍රීය දායකත්වයක් ලබාදුන් අතර අභිනවයෙන් ඉදිකල පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය කිලිනොච්චි පිහිටි 1 වන බලකා මුලස්ථානයේ මනෝවිද්‍යා හා යුද තොරතුරු අංශය විසින් සම්බන්ධීකරණය කරන ලදී.