19th December 2021 21:15:14 Hours
මීට මාස කිහිපයකට පෙර පොළොන්නරුවේදී පැවති ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට සහභාගි වූ අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ජූලි මස 15 වන දින ආරම්භ කරන ලදී.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ දිවයින පුරා පාසල්වල යටිතල පහසුකම් සහ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට උපදෙස් ලබා දුන්හ.
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ලබාදුන් උපදෙස් මත පොදු කාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් වෙන් කරන ලදී.