Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 21:45:14 Hours

පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව 62 වන සේනාංකයේ මුලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

සම්පත්නුවර ප්‍රදේශයේ මහවැලි අධිකාරියේ එල් කලාපයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල දරු දරියන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ තොගයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි විසින් කරන ලද ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලි මාධව පෙරේරා මහතා සහ සචින්තා කටුගම්පොල මහත්මිය ඇතුළු පාසල් මිතුරන් කණ්ඩායමකගේ අනුග්‍රහය ඇතිව පසුගියදා පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චමිපක රණසිංහ ලබාදුන් උපදෙස් මත වැලිඔය පිහිටි 62 වන සේනාංක මුලස්ථානය විසින් සංවිධානය කළ මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේදී ප්‍රදේශයේ ජිවත්වන අඩුආයම්ලාභි පවුල්වල පාසල් සිසුන් 60 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදුන්හ. මෙලෙස බෙදාදුන් පාසල් උපකරණ අතර පාසල් බෑග්, කෑම පෙට්ටි සහ වතුර බෝතල් ද විය.

මෙම අවස්ථාවට 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර, 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.