19th December 2021 21:00:14 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (12) දින දකුණේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත මාතර, කිරින්ද ප්‍රදේශයේ පිහිටි කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ සම්බන්ධීකරණය මත සිදුකරනු ලැබූ මෙම වැඩසටහන යටතේ පාසල් සිසුන් 35 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදුන්හ. මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ සම්බන්ධීකරණය මත හිමි වූ අතර 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර සහ 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.