19th December 2021 21:30:14 Hours
1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය යොදාගනිමින් තෙල්දෙණිය, රඹුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ නව පරිඝණක විද්‍යාගාරයක් ඉදිකරන ලදී. Agility Logistics (pvt) Ltd ආයතනයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම පරිඝණක විද්‍යාගාරය ඉදිකිරීම සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය හිමිවිය.
නව පරිඝණක විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (18) දින පැවති අතර එම අවස්ථාවට 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරිගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිගන ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව සහභාගි විය. තවද, එම අවස්ථාවට 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.ආර්.බී. රත්නායක ද එක්විය.
මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වූ Agility Logistics (pvt) Ltd ආයතනය විසින් මෙම අවස්ථාවේදී නව ගොඩනැගිල්ල සඳහා නවීන පරිඝණක උපාංග ද පරිත්‍යාග කරන ලදී.