19th December 2021 21:50:14 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවි හේරත් යුද්ධ හමුදා මූලස්ථානයේ නවතමයෙන් ස්ථාපිත කළ ඉදිරි දර්ශන සැලසුම් හා ක්‍රියාත්මක කිරිමේ අංශයේ ප්‍රථම අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් සදුදා (20) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගත්තේය. එම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
බ්‍රිගේඩියර් රවි හේරත් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කළේය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි දර්ශන සැලසුම් හා ක්‍රියාත්මක කිරිමේ අංශය (PP&I Cell) යුද සේවා ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කරන ලදී. මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය තුළින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020-2025’ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.