20th December 2021 07:13:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් නවතමයෙන් ඉදිකළ නේවාසිකාගරය විවෘත කිරිමේ උත්සවය පසුගිය ඉරිදා (19) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූහ.
එහිදි, නවතමයෙන් ඉදිකළ ‘General Shavendra Silva Senior Cadets' Block’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත කලාත්මක ලෙස නිමකරනු ලැබු කාමර 22 කින් සමන්විත නව දෙමහල් නේවාසික ගොඩනැගිල්ල කෙඩෙට් නිලධාරීන්ගේ පුහුණුව සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලන් සමන්විත වේ.
මෙම නව ගොඩනැගිල්ල යුද්ධ හමුදා අරමුදලින් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදී. එහිදි ආදර්ශ කාමරයක් නිරික්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එහි ඉදිකිරීම් කටයුතුවල නිරතවූ භටපිරිස් ඇගයීමට ද ලක් කළේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.