Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 14:15:32 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ඉදිකල තවත් නිවසක් නිවාසලාභින්ට

යුද්ධ හමුදා මුලස්ථානයේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මුලස්ථානයේ මුල්‍යමය දායකත්වය ඇතිව 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රුපියල් මිලියන 1.5 ක මුදලක් වැය කරමින් පූනෑව, මහකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන ලදී.

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව රණක්‍ෂිතයට පත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවෙකු වෙනුවෙන් ඉදිකල මෙම නිවස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 10 වන දින පැවති උත්සවකදී විවෘත කෙරිණි.

සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව නිවසේ සමරුඵලකය නිරාවරණය කර විවෘත කිරීමෙන් අනතුරුව නිවසේ යතුර නිවාසලාභියා වෙත භාරදුන්නේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විරාජ් විමලසේන, මාණ්ඩලික නිලධාරින්, 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ජි.ඒ.බි. රාජපක්‍ෂ ඇතුළු එම ඒකකයේ භටපිරිස්, නිවාසලාභි පවුලේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.