20th December 2021 06:10:02 Hours
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී කෙඩෙට් නිලධාරීන් යුද්ධ හමුදාවේ 2 වන ලුතිනන්වරුන් ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අධිකාරිය ලද නව නිලධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පැළදවීමේ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (19) දින පස්වරුවේ සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී (Sino-Lanka Friendship auditorium) පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අධිකාරියට පත් නව නිලධාරීන්ගේ වෘත්තීය ජීවිතයට සහ අනාගතයට සුබ පැතුම් එක් කළේය. පසුව මෙම නිලධාරීන් යුද්ධ හමුදාවේ අදාළ රෙජිමේන්තුවලට අනුයුක්ත කිරීමට පෙර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් නව නිලධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පළඳවන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අධිකාරියට පත් නිලධාරීන් අමතමින් සිවිල් වැසියෙකු යුද්ධ හමුදා නිලධාරියෙකු බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම පිළිබද කරුණු අවධාරණය කළේය. තවද, ජාතික සහ සංවිධානාත්මක අරමුණු කරා ළඟාවීම සඳහා පූර්ණ ප්‍රතිඥා සහිත නායකයින් ලෙස තමා යටතේ සිටින අයවලුන් නිවැරදි මගට යොමු කළ හැකි තීරණ සහ නිවැරදි මඟ පෙන්වන නායකයන් ලෙස ඉදිරියේදී කටයුතු කිරිමට වගබලාගත යුතු බවට කරුණු පැහැදිලි කළේය.
තවද, “ඔබේ ක්‍රියාවන්හි ගුණාත්මකභාවය සහ සමානාත්මතාවය සහ ඔබේ අභිප්‍රායේ අඛණ්ඩතාව අනුව ඔබව විනිශ්චය කරනු ලබන්නේ වෙන කවරදාටත් වඩා ඔබේ කැපවීම රටට අවශ්‍ය වන බැවිනි. ඉවසීමෙන් සහ දයානුකම්පාවෙන් අන්‍යයන්ගේ අවශ්‍යතාවලට ඇහුම්කන් දීමට හැකි පුළුල් හදවතක් ඔබ සතු විය යුතු අතර, ඔබ ඔබේ වෘත්තීය ජීවිතයේදී ඕනෑම පීඩනයක් දරාගනිමින් එයට තනිව මුහුණ දීමේ හැකියාව සහ ඒ පිළිබද ඔබ කෙරෙහි උපරිම විශ්වාසයක් තිබිය යුතුයි,” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
මෙම උත්සවය අවසානයේ ජාතික ගීය ගායනා කිරීම සහ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.