Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2021 17:40:14 Hours

බුත්තල සංචාරයක නිරත යුද්ධ හමුදා ප්‍රධානි 18 වන ගැමුණු හේවා බලඇණියේ නව නිලධාරී නිවස්නය විවෘත කරයි

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය (OCDC) යුධ හමුදා යුධ විද්‍යාලය බවට පරිවර්තනය කිරිමේ උත්සව අවස්ථාවට සිකුරාදා (17) දින සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයට නුදුරින් පිහිටි 18 වන ගැමුණු හේවා බල ඇණියේ නවතමයෙන් ස්ථාපිත කරනු ලැබු නිලධාරී නිවස්නය විවෘත කිරීම සඳහා ආරාධනා කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ගැමුණු ‍හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ ආරාධනයකට අනුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා Zoom තාක්‍ෂණය ඔස්සේ නව නිලධාරි නිවස්න සංකීර්ණයේ ඡායාරූප නැරඹීමෙන් අනතුරුව සංකේතාත්මකව නව ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

18 වන ගැමුණු හේවා බලඇණියේ නවතමයෙන් ස්ථාපිත කළ නිලධාරී නිවස්නයේ ඉදිකිරීම් කටයුතු පිළිබද ඒ හා සම්බන්ධ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉදිකිරිම් කටයුතු සඳහා ඔවුන් දරන ලද වෙහෙස අගය කරමින් ඒ වෙනුවෙන් සුභපැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් සහ නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට එක්ව සිටියහ.