Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2021 19:30:27 Hours

කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර භටපිරිස් දැනුවත් කෙරේ

‘හරිත කෘෂිකාර්මික ක්‍රමවේදය’ යන තේමාව ඔස්සේ හරවත් දේශනයක් එම විෂය පිළිබඳ විශේෂඥයකු විසින් ඉකුත් සඳුදා (13) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.

කාබනික පොහොර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ද වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කසුන් තාරක මහතා වසර ගණනාවකට පෙර එම ක්‍රියාවලියේ ඓතිහාසික මූලයන් සොයා ගනිමින් මෙම විෂය පිළිබඳව කරුණු දැක්වීය. එසේම, ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ වගා කටයුතු ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකාර්මික ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සහ වටිනාකම එහිදි එතුමන් පැහැදිලි කළේය.

මෙම වැඩසටහනට ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ව්‍යාපෘති භාර ජ්‍යෙෂ්ඨ නිලධාරි බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බි. රත්නායක, ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් ටි.සී.එල්. ගනේපොල, 144 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.වී. කොඩිතුවක්කු සහ දෙවන අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ.