15th December 2021 12:00:12 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සිය ධූර කාලය අවසන් කර යුද්ධ හමුදා මූලස්ථානයේ නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම පසුගිය සඳුදා (13) දින 51, 52 සහ 55 වන සේනාංක මූලස්ථානවල සංචාරයක නිරත වූවේය.
එම සේනාංක වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 51, 52 සහ 55 වන සේනාංකවල සේවයේ නියුතු භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සිය ධූර කාලය තුළ තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත සිය ස්තූතිය පුදකළේය.
සේනාංක මූලස්ථානවල සිදුකළ සංචාරයන් සිහිවනු වස් එම කඳවුරු පරිශ්‍රයන් තුළ රුක් රෝපණය කළ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සමූහ ඡායාරූප සඳහා ද පෙනීසිටියේය. මෙම අවස්ථාවේදී, ධූරයෙන් නික්ම යන ආඥාපතිතුමන්ගේ අනාගත රාජකාරි කටයුතු වෙනුවෙන් 51, 52 සහ 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන් සිය සුබපැතුම් ද එතුමන් වෙත පුදකළහ.