Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2021 13:24:43 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව සැලසුම් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 24 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග පසුගිය අඟහරුවාදා (14) දින පැවති කෙටි උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය.

මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරි හෙබවූවේය. මීට ප්‍රථම මෙම අධ්‍යක්‍ෂ සැලසුම් ධූරයේ රාජකාරි කළ බ්‍රිගේඩියර් ජයන්ත බාලසූරිය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග මෙම තනතුර සඳහා පත්වීම් ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.