Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2021 14:00:43 Hours

නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාර

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 21 වන ආඥාපති ලෙස රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් චන්න වීරසූරිය සීතාවකපුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීම සඳහා පසුගිය අඟහරුවාදා (14) දින සිය ධූරයෙන් නික්ම ගියේය.

මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරන ලදී.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මේජර් ජෙනරල් චන්න වීරසූරිය භටපිරිස් අමතමින් සිය බලප්‍රදේශයේ සහයෝගිතාවය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සියලු නිලයන් සිදුකළ කැපවීම වෙනුවෙන් ඔවුන් වෙත සිය ස්තූතිය පුදකළේය.

පසුව, එම මූලස්ථාන පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණය කරන ලද බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කිරීම සඳහා එක්වූ මේජර් ජෙනරල් චන්න වීරසූරිය නිලධාරි නිවස්නයේ සූදානම් කර තිබූ සමුගැනීමේ උත්සවයකට ද එක්වූවේය. අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ජගත් වීරකෝන් විසින් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපතිගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කඳවුරු පරිශ්‍රයේ මඟ දෙපස රැඳි සිටි සියලු නිලයන්ගේ ගෞරවාචාර මධ්‍යයේ මේජර් ජෙනරල් චන්න වීරසූරිය නිකම ගියහ.