14th December 2021 20:00:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 සහ 592 වන බලසේනා යටතේ ස්ථානගත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව සිය බලප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් පසුගිය සති කිහිපය තුළ ප්‍රජා මූලික ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත 59 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් පුනුරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ එම්. කජන් මහතා වෙනුවෙන් පසුගිය දා නාන කාමරයක් ඉදිකරදෙන ලදී. එක් පාදයක් අහිමි එම්. කජන් මහතා වෙනුවෙන් ඉදිකළ මෙම නාන කාමරය සඳහා දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු වන නදීර ජයසිංහ මහතා විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.
591 වන බලසේනාවට අයත් 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ මෙම නව නාන කාමරය පසුගිය දා ප්‍රතිලාභියා වෙත පවරා දුන්හ.
මේ අතර, සුමති සමූහ ව්‍යාපාරයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාව වෙතින් සිලාවත්ත - 88 ප්‍රදේශයේ පදිංචි තවත් එක් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී. කිසිදු ආරක්‍ෂාවකින් තොර පිදුරු සෙවිලි කළ නිවසක සිය දරුවන් සමඟ ජීවත් වූ ජේ. ලක්‍ෂිකන් ජූඩ් මහතා වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරදෙන ලදී. ඒ සඳහා 591 වන බලසේනාව යටතේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
එමෙන්ම, 592 වන බලසේනාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව පුතාරිකුඩා ග්‍රාම නිලධාරි වසමේ පදිංචි නන්දනී මල්ලිකා මහත්මියගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාපාරික යෝගරාසා මහතා සිය අනුග්‍රාහකත්වය දැක්වූවේය.
ඒ අනුව, 592 වන බලසේනාවට අයත් 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එම නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර නිවාසලාභියා වෙත පසුගිය දා පවරා දුන්හ.
තවද, 59 වන සේනාංකයේ භටපිරිස් විසින් මුල්ලියාවේලි විද්‍යානන්ද ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පාසල වෙත පැමිණීමට ඇති දුෂ්කරතා අවම කිරීමේ අරමුණින් එම පාසලේ සිසු සිසුවියන් 8 දෙනෙකු වෙත පා පැදි 8 ක් පරිත්‍යාග කරන ලදී.
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබු ඉල්ලීමට අනුව බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක, ඒ.ඒ. අනූෂා නිපුනි උපේන්ද්‍රා මෙනවිය සහ වෛද්‍ය දසන්ති සෝමරත්න මහත්මිය විසින් මෙම පා පැදි සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වූ අතර යුද්ධ හමුදා භටපිරිස් ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් එම පා පැදි ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදී.
මේ අතර, 59 වන සේනාංකයේ ඉල්ලීමකට අනුව ශිරානි ද සිල්වා මෙනවිය සහ උදාර මදුරප්පෙරුම මහතාගේ අනුග්‍රාහකත්වය මත මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ මූල්‍යමය දුෂ්කරතාවයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් තෝරාගත් සිසු සිසුවියන් 80 දෙනෙකු වෙත පාසල් උපකරණ කට්ටල 80 ක් පරිත්‍යාග කරන ලදි.
තවද, 59 වන සේනාංකයේ භටපිරිස් ආගමික වැඩසටහන් දියත් කරමින් කෝකිලායි සම්බෝධී විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලාගේ සහ විහාරස්ථානයේ අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජලනල අමතර කොටස්, LED බල්බ් සහ ලීටර් 1000 ප්ලාස්ටික් ටැංකියක් පරිත්‍යාග කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ගයාන් පෙරේරා මහතා විසින් දක්වන ලදී.
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ගේ උපදෙස් හා 591 සහ 592 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්ගේ සහයෝගය මත ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති සඳහා එම ඒකකයන්හී සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් සහ භටපිරිස්හී දායකත්වය ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති සහ බලසේනාධිපතිවරුන් එම ප්‍රජා මූලික ව්‍යාපෘති සඳහා සහභාගී වූහ.
මෙම සියළුම ව්‍යාපෘති පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.