14th December 2021 19:00:27 Hours
දිගුදුර විහිදුම් පාඨමාලා අංක - 21 සාර්ථකව හැදැරුවන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් මස 02 දින කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව 3 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. නිලධාරියෙකු සහ සෙසුනිලයින් 63 දෙනෙකු පුරා මාස 09 කට අධික කාලයක් සිදුකල වෙහෙසකර පුහුණුවකින් අනතුරුව දිගුදුර පා මුර සංචාරක සෙබලුන් ලෙස විසිරගියහ.
3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරී මේජර් ජේ. රත්නායක ගේ ආරාධනයකට අනුව මෙම විසිරයාමේ උත්සවයට 1 වන බලකායේ බලකාධිපති මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර මහලේකම්, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ප්‍රසාද් රන්දුණු ඇතුළු විශේෂ බලකායේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.
පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ලුතිනන් ආර්.ඩී.වී.ජී සමරවීර ද, දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාව හෙබි සිසුවා ලෙස ලාන්ස් කෝප්‍රල් ප්‍රදීප් කුමාර ද මෙහිදි සම්මාන හිමිකරගත්හ.
තවද, මෙම උත්සවයේදී අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීම සහ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.