Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 16:00:28 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය ඇතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ගැබිනි මව්වරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් පරිදි දියතලාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි කාන්තාවන් සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නොමිලේ පෝෂණ ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින සංවිධානය කරන ලදී.

දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ පැවති උත්සවයක් අතරතුර ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කාන්තාවන් 25 දෙනෙකු සඳහා දරු ප්‍රසූතියෙන් පසු අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ තොගයක් එහිදි පරිත්‍යාග කෙරිණි.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා සීමාසහිත ‘ඇන්කර්’ ෆොන්ටෙරා සමාගම විසින් කිරිපිටි පැකට් පරිත්‍යාග කළ අතර, බෙලිඅත්ත ශ්‍රී සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බුද්ධියාම ධම්මසේන ස්වාමීන් වහන්සේ විසින් සබන්, සුවද විලවුම්, මදුරු දැල්, ඇතුළු ළදරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදුන්හ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ජී.කේ.අයි විතානආරච්චි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර්. වෛද්‍යසේකර සහ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වෙච්ඡා) නිලධාරි බ්‍රිගේඩියර් එන්.ඩී.පී ජයතිලක ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වුහ.