Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2021 17:00:57 Hours

මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ අද (13) දින උදෑසන පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තැබුවේය.  

මීට ප්‍රථම එම ධුරය හෙබවු මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ නව ධුරයට පත්විය.

මීට අමතරව, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය සහ ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක ධුරය ද හොබවනු ලබයි.  

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාව යටතේ ස්ථාපිත අධ්‍යක්‍ෂ මණ්ඩල වල අධ්‍යක්‍ෂවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.