Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 12:15:05 Hours

59 වන සේනාංකයේ 14 වන සංවත්සරය සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි 59 වන සේනාංකයේ 14 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි.ඩි. සුරියබණ්ඩාර ගේ උපදෙස් මත නොවැම්බර් මස 27 සිට 30 දින දක්වා පැවැත්විණි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති සංවත්සර දිනයේදී (දෙසැම්බර් 01) ධජ එසවීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීම සිදුකරන ලදී. එම උත්සවය අතරතුරදී, ක්‍රිකට්, බැඩ්මින්ටන්, වොලිබෝල් සහ පා පන්දු යන ක්‍රීඩා ඉසව්වල ජයග්‍රාහණ ලබාගත් කණ්ඩායම් වෙත කුසලාන ප්‍රදානය කිරීම ද සිදුවිය. ඉන් අනතුරුව පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයත් සමගින් සංවත්සර වැඩසටහන අවසන් විය.

මෙම සංවත්සර වැඩසටහන සඳහා 59 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූහ.