10th December 2021 12:30:05 Hours
දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී පැවැති රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 68 සහ ගබඩාකරු/ වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 50 දෙසැම්බර් මස 09 වන දින සාර්ථකව අවසන් විය.
පාඨමාලාවන්හි ස්මාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ඊ.පී. වීරසිංහ සහභාගි විය.
මෙම පාඨමාලාවන් සාර්ථකව හැදැරු යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තුවල ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 50 දෙනෙකු සහ සෙසුනිලයින් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ඔවුන්ට හිමි සහතිකපත් ලබාගත්හ. යුධෝපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් ජි.ටි.එස්. සිල්වා විසින් මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගත්තේය.
රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක 68 හි දක්‍ෂතම සෙබලාට හිමි සම්මානය 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ආර්.එල්.සී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර විසින් හිමිකරගත් අතර ගබඩාකරු / වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක 50 හි දක්‍ෂතම සෙබලාට හිමි සම්මානය 5 වන ඉංජිනේරු සේවා බලකායේ සාමාන්‍ය සෙබල ඩි.එම්.එම්.පී. සම්පත් විසින් හිමිකරගත්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (භඨකාර්ය සම්පාදන), යුධෝපකරණ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.